අයිශ්, සල්මාන්ගේ 'බිග් බොස්' එකට එනවා


2016-09-26-ent-07

කලක් බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටි අයිශ්වර්යා රායි ඉදිරියේ ප්‍රදර්ශනය වීමට නියමිතව "ඒ දිල් හයි මුෂ්කිල්" චිත්‍රපටයේ ප්‍රචාරක කටයුත්තක් සඳහා සුපිරි සල්මාන් ඛාන් මෙහෙයවන ජනප්‍රිය %බිග් බොස්^ වැඩසටහනට එක්වීමට කැමැත්ත පළ කර තිබෙන බව සඳහන්.

1999 හා 2002 වසරේදී සල්මාන් හා අයිශ්වර්යා ප්‍රේම සම්බන්ධයක් පැවැති අතර, එය බොහෝ ජනප්‍රිය එකක්ද වුණා. බොහෝ පිරිසක් එය විවාහයකින් කෙළවර වනු ඇති බවට මත පළ කළද මුළුමහත් බොලිවුඩයම පුදුමයට පත් කරමින් ඔවුන් දෙදෙනා වෙන් වූවා.

මේ නිසා ඔවුන් අතර විරසක වීමක් දැනටද පවතියි. එහෙත්, අයිශ්වර්යා මෙසේ සල්මාන්ගේ "බිග් බොස්" වැඩසටහනට එක්වීම ඔවුන් දෙදෙනාට ආදරය කරන බොහෝ දෙනෙකුට පුදුමය දනවන ආරංචියක් වි ඇති බව සඳහන්.

 

2016-09-26-ent-06