විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉතිරිපත්ව ජයග‍්‍රහණය කළ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සොහොයුරියන් හය දෙනෙකි. ඉන් තිනෙනෙකුම ගම්පහ වැලිවේරිය ප‍්‍රදේශයේ සාමාන්‍ය ජීවිත ගත කරති. ඔවුහු තම සොහොයුරාගේ ජයග‍්‍රහණය පිළිබඳව මෙසේ පවසති.
මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමල් සොහොයුරිය වන පල්ලෙවත්ත ගමරාලලාගේ ලලිතා පද්මිණී මහත්මිය
‘‘ මෙය මගේ අයියා නින්දා අපහාස, දුක් කම්කටොලූ මැද ලබා ගත් ජයග‍්‍රහණයක්. නමුත් උඩ ඉන්න දෙවිවරු පවා ඔහුට ආශිර්වාද කළා.
මගේ අයියා ගැන මට වැඩිය දන්න කෙනෙක් නැහැ. ඔහු ඉතා පිරිසිදු චරිතයක්. ආදර්ශමත් සහෝදරයෙක්්. අපි එකොලොස් දෙනාව ඔහු හොඳින් හදා ගත්තා. ඔහු අවුරුදු හතලිස් ගානක් දේශපාලනය කළත් අපි ඔහුගෙන් ලබා ගත් දෙයක් නැහැ. ඉදිරියටත් අපි ඔහුගෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තුවන එකම දේ අපේ රටේ අසරණ වු ජනාතාවට පිහිටවීමයි.
සාමාන්‍ය ගොවි පවුලක දරුවෙක් තාඩන පීඩන වලට ගොදුරු වෙලා අවුරුදු හතලිස් ගාණක් දේශපාලනය කරලා අවුරුදු දෙකක් හිරබත් කාලා පහලම තැනින් පටන් අරන් රටේ පළවෙනි පුරවැසියා බවට පත්වීම සැමට ආදර්ශයක්.
ඔහු ධර්මානුකූලව, අවිහිංසාවාදීව මහජන දුක සොයමින් යහපත් ගමනක් ගිය කෙනෙක්. මේ ජයග‍්‍රහණය ගැන අපිට ලොකු සතුටත් ඇතිවෙනවා. ඔහු ජනතානගේ දුක නිමාවි.
ඡන්ද ප‍්‍රථිඵල අහනකොට මට හිතුනා මගේ අයියි එක දවසකට හරි මේ රටේ රජවෙනවා නම් කියා.
ඔහුගේ ජය‍්‍රහණය වෙනුවෙන් සාමුහික ගමන් ආ සියලූ දෙනාටම මම ස්තුති වන්ත වෙනවා''
සුනන්දා සිරිසේන මහත්මිය පවුලේ 4 වෙනි සොහොයුරියයි. ඇය පවසන්නේ
‘‘රජ රටින් මේ රටේ ජනාධිපති උන මගේ අයියා පුංචි කාලෙ ඉදන් අයුක්තියට එරෙහිව සටන් කළ පුංචි මනුස්සයෙක්.
පොඩි මිනිසුන්ගේ දුුක හඳුනන එවන් මිනිසෙක් රටේ ජනාධිපතිවීම මා දකින්නේ මුලූ මහත් ශ‍්‍රී ලාංකිකයන්ගේ ජයග‍්‍රහණයක් ලෙසයිි.‘‘
සරෝජා සිරිසේන මහත්මිය පවුලේ පස්වන සොහොයුරියයි.
ඇය තම සොහොයුරාගේ ජයග‍්‍රහණය පිළිබඳව පවසන්නේ මෙවන් දෙයකි.
‘‘ අයියා අපේ පවුලට සම්පතක් වගේම රටටත් සම්පතක්. ඔහු අපිට ආදරය කලා සේම රටවැසියන්ටත් ආදරය කළා.
ඔහු අවංකයි, එඩිතරයි. මේ ජයග‍්‍රහණය ලබා ගත්තේ ඔහුගේ ඒ අවංක කම නිසා බව නිසැකවම කියන්න පුලූවන්.
රටේ මුල් පුරවැසියා ලෙස අයියා අද පත් උනත් අපේ කම අපිට කියා දීපු ඔහු එදා වගේම හෙටත් අපිට ඉදීවි.
අයියට මම සුභ පතනවා.
ඒ වගේම ඔහුගේ අවංක කම හඳුනාගෙන ඔහුව විශ්වාස කරලා ඔහු වටා පෙල ගැසුනු ජනතාවටත් මම ගොඩක් සිතුති වන්ත වෙනවා''

