පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂිකාවක මාතලේ වරාපිටිය ප්‍රදේශයේ කැලෑවක දී මරා තිබිණි.
මාතලේ කටුදෙණිය වරාපිටියේ බන්නැහැක මුදියන්සේලා වලව්වේ ලලනි නදිශා වරාපිටිය (23) මරා දැමුණු තරුණියයි.
ඉකුත් 24දා ඇයගේ වැඩිමහල් සොහොයුරාගේ විවාහ මංගලොත්සවය නිවසේ තිබු බවත් අතර පස්වරුවේ සියලු දෙනා නිවසින් බැහැර වි ඇති අතර ඇය තමා සමග නිවසේ නිදා ගත් බවත් පාන්දර අවදි බලන විට දියණිය නොසිටි බවත් මව චන්ද්‍රකාන්ති මහත්මිය පැවසුවාය.
මියගිය නදිශා මාතලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව බාහිර උපාධිය හදාරමින් සිටියාය.
මාතලේ වැඩබලන මහේස්ත්‍රාත් සිරිල් විමලසේන මහතා නිවස සහ ස්ථානයද නිරික්ෂණය කළ අතර මාතලේ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය ඩි.එල් වෛද්‍යරත්න මහතාද පැමිණ සිටියේය.

