විදුලි මීටරය මගහැර කම්බියක් යොදා හොරෙන් විදුලිය ගත් බව කියන පිරිවෙන් ගුරුවරයෙකු සහ ඔහුගේ සහෝදරයෙකු වන අරක්කැමියෙකු අද අධිකරණයට ඉදිරිපත්කරන බව විදුලි බල මන්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ පරික්ෂක පී.ඩී අජිත් මහතා කීවේය.
සියලු විදුලි උපකරණ මෙම ගෙවල් දෙකෙහිම ඇති බවත් එහෙත් විදුලි බිල අඩුවෙන් සටහන් වී ඇති බවත් ඔහු කියයි.