අයියා මලෝ බරට දඩ කති


පිළියන්දල තුම්බෝවිල ගෙවල් දෙකක විදුලි මීටරයට පිටින් විදුලිය සම්බන්ධ කළ අයියා මලෝ දෙදෙනකුට කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා දඩ ගසා විදුලිබල මණ්ඩලයට වූ පාඩුව ගෙවන ලෙස ද නියෝග කළේය.

පිරිවෙන් ගුරුවරයකු වන එම් ජී ලලිත් පුෂ්පකුමාරට රුපියල් දස දහසක දඩයක් ද, රුපියල් 147984.92ක වන්දියක් ද, යාබද නිවසේ පදිංචි ඔහුගේ සෙහොයුරු අරක්කැමි හසන්ත සමන් කුමාරට රුපියල් දස දහසක දඩයක් ද, 63111.52ක වන්දියක් ද නියම විය.