අයියා කිවුවැයි පී.සීට කිතුල් පොලු පහර


මාතර පල්ලිමුල්ලේ පොලිස් ගරාජය අසළ සාදයකදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙක් හා මාළු වෙළෙන්දෙක් මාතර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.

මහරෑ පැවති සාදය අතරතුරදී නැගුණු හූ හඬක්  ගැන පොලිස් නිලධරයකු කොස්තාපල්ගෙන් කරුණු විමසූ විට ‘අයියා ඒක තොවිල් ගෙදරකින් එන්නේ. එතන ආරුඪ වී මිනිහකු හූ කියනවා.‘ යනුවෙන් උත්තර දී ඇතැයි ද, ඉන් පසු ඔහුට කිතුල් පොලු පහරක් වැදී ඇතැයි ද කියති.