බිමල් ශ්‍යාමන් ජයසිංහ
ගෝවින්න දිවබෙරලිකන්ද එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මල්ලී අයියාට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ චලෝ සිංඤෝ සමරනායක නමැති 63 වියැති දෙදරු පියෙකි.
ඝාතනය සම්බන්ධයෙන් මිය ගිය අයගේ බාල සොහොයුරා පහරදීමට උපයෝගී කරගත් යකඩ පොල්ල සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සහෝදරයන් දෙදෙනා අතර කලෙක පටන් ඉඩම් ආරවුලක් තිබී ඇතැයි ද ඝාතනයට ලක් වූ පුද්ගලයා අත පිහියක් ද තිබී හමුවී ඇතැයි ද පොලිසිය පවසයි.
බුලත්සිංහල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

