අයියයි මල්ලියි හොර සල්ලියි පොලීසියේ


රුපියල්  දහයේ මුදල් නෝට්ටු  වලට සමාන හොර මුදල් නෝට්ටු මුද්‍රණය  කොට වෙළෙදසැල් වලට දී  භාණ්ඩ මිලදී ගැනීමේ  යෙදුණු  සහොදරයින් දෙදෙනකු  පෙරේදා (25) අරලගන්විල නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මුද්‍රණය කිරීම සදහා  උපයෝගී කර ගන්නා ලදැයි  කියන මුද්‍රණ යන්ත්‍රයක්ද අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

 අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා අවුරුදු 19 හා 25 යන වයස්වල පසු වෙති. මොවුහු මහියංගණ සොරබොර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලීසිය කියයි.