අයියයි මල්ලියි දොස්තරලා මෙලොවට ගනිති


රිය අනතුරකදී යකඩ කූරු කිහිපයක් බඩේ ඇනී සිටි අයිය මලෝ දෙදෙනකු ගේ ජීවිතය බේරා ගැනීමට දියතලාව සහ හල්දුම්මුල්ල රෝහල්වල වෛද්‍යවරු සමත් වූහ.

සහෝදරයන් දෙදෙනාම බසයේ තිබූ එකම යකඩ කූරුවල ඇමිණී සිටි බව හපුතලේ පොලිසිය කියයි.

කාරයක් හා බසයක් හල්දුම්මුල්ල බත්ගොඩදී අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ තිදෙනා අතර බණ්ඩාරවෙල හල්පේ ජීවන් රවීන්ද්‍ර (28) සහ නුවන් ලක්මාල් (22) වූහ.

අනතුර සැලවූ වහාම එහි පැමිණි හල්දුම්මුල්ල රෝහලේ දොස්තර එම්.එරන්දි මූලික ප්‍රතිකාර කළාය. උදරයේ ඇමිණී තිබූ යකඩ කූරුද සමග දෙදෙනා දියතලාව රෝහලට ගෙනයද්දී වෛද්‍යවරු ඇතුළු සේවකයෝ සැත්කමට සූදානම්ව සිටියහ.

වෛද්‍ය අධිකාරී ඊ.ඒ.එම්.ආර්.අමරකෝන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් එදිරිමුණි ඇතුළු වෛද්‍යවරු සැත්කමට සහාය වූහ.

රවීන්ද්‍ර ගේ උදරය පසාරු කරගෙන තිබූ යකඩ කූරු 4ක් ඉවත් කිරීමට පැයක් පමණ ගතවිය.

දෙදෙනාගේම බඩවැල්වලට 40%ක් පමණ හානි සිදුවී ඇතැයි දැනගන්නට ඇත. බ්‍රහස්පතින්දා පස්වරු 5.30 සිට පසුදා අලුයම 1 දක්වා සැත්කම් සිදුවිය. මෙම දෙදෙනාගේ ජීවිත බේරාගැනීමට හැකිවූයේ නිර්වින්දන වෛද්‍ය පී.එම්.සී.බණ්ඩාරනායක මහත්මිය,ශල්‍ය වෛද්‍ය දර්ශන අමරකෝන් , හපුතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රසන්න ද සිල්වා, දියතලාව රෝහලේ සියලුම වෛද්‍යවරුන් හෙද හෙදියන්, හල්දුම්මුල්ල රෝහලේ වෛද්‍යවරු, හපුතලේ පොලිසිය හා ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු සහාය නිසා යැයි රෝහල් අධිකාරී අමරකෝන් මහතා පැවසීය.

20151210_173849 20151210_173857 20151210_184127 20151210_201906 DSCN0073-(1) DSCN0075[120151211] operation_20151211 operation_20151211-3 operation_20151211-4

20151210_201007