මීලග ඔලිම්පික් උළෙලට සහභාගී වී ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබා දීම තම එකම ඉලක්කය බව උගන්ඩාවේ පැවති උගන්ඩා විවෘත බැඩිම්න්ටන් තරගාවලියේ පිරිමි කේවල ශූරතාවය දිනාගෙන මෙරටට පැමිණි දිනුක කරුණාරත්න කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී එසැනට කීය.
ශ්‍රී ලංකා බැට්මින්ටන් සංගමයේ සභාපති පරාක්‍රම බස්නායක සහ දිනුකගේ පියා වන ලූවී කරුණාරත්න යන මහත්වරුන් විසින් කටුනායනදී ඔහුව පිලිගත්හ.
තම ජයග්‍රහනය පිළිබඳව අදහස් දැක්වූ දිනුක පැවසූවේ තම සොහොයුරා වන නිලුක කරුණාරත්නට පසුගිය වසරේ ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබුනාසේම 2016 වසරේදී බ්‍රසීලයේ පැවත්වෙන ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීම තම එකම අරමුණ බවයි.
ජාත්‍යන්තර තරගාවලියකින් තමන් ලබා ගත් ප්‍රථම රන් පදක්කම මෙය බැවින් ඉතා සතුටට පත්වන බවත් 2016 ට තව දිගු කාලයක් තිඛෙන බැවින් ඒ කාලය ඇතුලත තම ඉලක්කයට ලගා විම සඳහා වූ උපරිමය කරන බවත් ඔහු කීය.
තරගාවලිය රටවල් දාහතරක ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 21 වෙනිදා සිට 24 වෙනිදා දක්වා උගන්ඩාවේ තම්පාලා නුවරදී පැවැත්විණි.
දකුනේ බලපිටියේ උපත ලද දිනුක අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා ඇති අතර පසුව කොළඹ රෝයල් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.
මෙම තරගාවලියේදී අවසන් පූර්ව තරගයේදී ඉතාලි ක්‍රීඩක ග්‍රේසියෝ තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්කරමින් දිනුක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර අවසන් මහා තරගයේදී දිනුක විසින් ඉන්දීය ක්‍රීඩක සබන්කා තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්කරමින් ජයග්‍රහණය කිරීම විශේෂත්වයකි.