හිටපු පොලිස් පරීක්ෂකවරයකු වූ තුසිත කුමාරසිරි ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් මත පැහැරගෙන ගොස් ඝාතනය කළැයි ඔහුගේ අනියම් බිරිය බව කියන ධනවත් කතක සහ ඇගේ රියදුරුද, කඩුවෙල තවත් පුද්ගලයකුද රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පොලිස් පරීක්ෂක ඉකුත් ජූලි 21 වැනිදා සිට සේවයට වාර්තා නොකළ නිසා සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර තිබිණි. ඔහු සිය කැමැත්තෙන් පළා ගොස් අතුරුදන්ව ඇති බවට ඔහුගේ අනියම් බිරිය බව කියන කාන්තාව සහ ඇගේ රියදුරු පවසා තිබුණත් පොලිස් පරීක්ෂකගේ අතුරුදන් වීම සැක සහිත බව ඔහුගේ සහෝදරයා පොලිස්පති සහන මැදිරියට පැමිණිලි කර තිබූ බව පොලිසිය කියයි.
ජූලි 28 වැනි දා කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබුණු හඳුනා නොගත් සිරුර මොහුගේ බවත්, එය රජයේ වියදමින් භූමිදානය කළ බවත් කියති.