මිරිහාන ජුබිලි කනුව අසල මහල් ගොඩනැගිල්ලක තිබූ තහනම් බඩු තොගයක් කන්ටේනරයකින් රැගෙන යෑමට සූදානම් බව කියමින් පොලිසියට කළ දැන්වීමක් අනුව පොලිසිය එහි ගිය බව මිරිහාන පොලිසිය පවසයි.
අලුත්ම බෆල් පෙට්ටි පිටින් එහි තිබූ බවත්, එය කන්ටේනරයට පටවන ලෙස දෙදෙනකු පැවසූ බවත්, එහෙත් ඒවා කොතැනට ගෙනියන්නේදැයි නොදන්නා බවත් රියදුරා පොලිසියට කියා ඇත.
මේ අතර ජාතික හෙළ උරුමයේ ලේකම් අතුරලියේ රථන හිමි, මුදල් ඇමැති රවී කරුණානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහත්වරු ද එහි ආහ.
ඔවුන් පැවසුවේ මෙම ගොඩනැගිල්ලේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානියකු සිටි බවයි. එහි තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු උපකරණ ද, මහින්ද රජපක්ෂ ජනපතිගේ රුව සහිත සීඩී තැඩි තොගයක් ද තිබූ බවයි.
පසුගිය ජනපතිවරණ සමයේ මෙම භාණ්ඩ පාවිච්චියට ගැනීම සඳහා ගබඩා කර තබන්නට ඇතැයි කියති.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසනුයේ එම භාණ්ඩ කාගේද, ලැබුණේ කොහෙන් ද යන්න ගැන පරීක්ෂණ පවත්වන බවයි.

