‘‘අන්තර් ජාතික වෙළඳාම පිළිබඳ අමාත්‍ය මලිත් සමරවික්‍රම කියනවා ලංකාවෙ තොරතුරු තාක්ෂණ සේවය ඉන්දියාවට විවෘත කරන බව. මේ රටේ හැත්තෑ දෙදහසක් පමණ තොරතුරු තාක්ෂණ සේවයේ රැකියා කරනවා. අපේ පස් වැනි ආදායම් මාර්ගය තොරතුරු තාක්ෂණ සේවයයි. එය තවත් දියුණු නොකර ඉන්දියානුවන්ට ඒ රැකියා දීම හරිද?‘ යැයි විමල් වීරවංශ මහතා කීවේය.
ඔහු මේ බව කීවේ ශ්‍රී ජයවර්ධනපුර පිටකොට්ටේ ඊ එන් පෙරේරා මාවතේ අලුත් තැනක ජාතික නිදහස් පෙරමුණේ කාර්යාලයය විවෘත කිරීමේ උත්සවයේ දී ය.





