16 හැවිරිදි ඉන්දියා දැරියක ශී‍්‍රලංකාවේ සිට කි‍්‍රයාත්මකවූ අයිඑස් ඒජන්තවරයෙක් සමග සම්බන්ධතා පවත්වා ඇතැයි අනාවරණයව තිබෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කරයි.
ත‍්‍රස්ත සංවිධාන සමග තොරතුරු හුවමාරු කරගන්නේයැයි සැකපිට ඉන්දියා ත‍්‍රස්ත විරෝධී ඒකකය මෙම දැරියගේ සමාජ ජාල ගිණුම්,ඇය භාවිතා කර ඇති වට්ස්ඇප් ආදී පණිවුඩ හුවමාරු කරගැනීමේ පහසුකම් ආදිය පරීක්ෂාවට ලක්කර ඇති බවත් එහිදී මේ බව දැනගන්නට ලැබී ඇති බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවියේ වැඩිදුරටත් දැක්වේ.
තම දියණියගේ හදිසි වෙනස්වීමක් හදුනාගත් දෙමවුපියන් බලධාරීන් අමතා කළ දැනුම්දීමක් අනුව ඇයගේ කටයුතු මෙසේ පරීක්ෂාවට ලක්කිරීමට ඉන්දියා ත‍්‍රස්ත විරෝධී ඒකකය කටයුතු කර ඇතැයි සඳහන්ය.
වෙබ් අඩවියේ දැක්වෙන පරිදි සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් සිදුකරගෙන යමින් පවතින පරීක්ෂණ වලදී ඔහු වෙනත් රටවල අයිඑස් හිතවාදීන් සමග සමාජ ජාල වෙබ් අඩවි මාර්ගයෙන් සම්බන්ධතා පවත්වා ඇතැයිද අනාවරණයව තිබේ.
මොහු මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ වාසය කරන අයිඑස් හිතවාදීන් සමග සබදතා ගොඩනගාගෙන ඇති බවද ඔවුන්ගේ සහයෙන් සහ අන්තර්ජාලයට එක්කරන අයිඑස් කි‍්‍රයාකාරකම් දැක්වෙන වීඩියෝ,පුවත්පත් වාර්තා ආදියේ උපකාරයෙන් ඉන්දියා තරුණ තරුණියන් අයිඑස් පාක්ෂිකයින් බවට පත්කරගැනීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර ඇති බවද ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කරයි.

