අයිආර්සී කාරයන්ගෙන් කිරුළ ගලවයි


කුලියාපිටියේ පැවැත්වීමට නියමිත 2014 දැයට කිරුළ ප්‍රදේශනය සමයේ ඒ අවට ගැවසෙමින් විවිධ අපරාධවල නිරත විය හැකි ලියාපදිංචි අපරාධකරුවන් (අයිආර්සී) අත්අඩංගුවට ගැනීමට සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු පොලිසියේ 433 දෙනකු යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

පෙබරවාරි තුන් වැනි දා ඔවුන් කුලියාපිටිය පොලිසියට වාර්තා කර දැයට කිරුළ අවසන් වන තුරු රාජකාරි කරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා නියෝග කර ඇත.

දැනට ලංකාවේ ලියාපදිංචි අපරාධකරුවෝ 43193කි.  අපරාධකාරිනියන් ගණන 869කි.