අයි.පී.දෙන්නාගේ වැඩ තහනම්


ගලහ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති හා අපරාධ අංශයේ ස්ථානාධිපති රාජකාරි වේලාවේ බීමත්ව සිටියේ යැයි කියන චෝදනාවක් මත අද (29) සිට වැඩ තහනම් කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයය කියයි. පෙර දින රාත්‍රී බීමත්ව රාජකාරී කරන බවට ලැබුණු තොරතුරක් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණි පෙරේරා මහතා සිදුකළ නිරීක්ෂණයකින් පසු මෙම තීරණයගෙන ඇත.