අයි.පී ගේ අපලෙ මැණික් පෙට්ටියෙන් පනී
ඇතිමලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතාගේ වැඩ තහනම් කැර ඇත. 2008දී සියඹලාණ්ඩුව හෙළමුල්ලේ කුඹුරකින් ගැමියන් පිරිසකට හමුවූ බව කියන ඉපැරණි පෙට්ටියකින් සොයාගත් මැණික්ද, එම මැණික්වලින් කොටසක් විකුණා ලබාගත් මුදල් ද සම්බන්ධයෙන් නිසි ලෙස රාජකාරි නොකළැයි ඔහුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

