අයි.පී. ගේ වෙඩි වැදුණු සිරුර වෙලේ


බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ (ගල්කිස්ස) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමරකෝන් බණ්ඩාර මහතාගේ වෙඩි වැදුණු සිරුර හෝමාගම ගොඩගම ඉන්ධන පිරවුම්හළ පිටුපස කුඹුරක තිබිය දී සොයාගත් බව අතුරුගිරිය පොලීසිය කියයි. ඔහුගේ සේවා පිස්තෝලය පාදය අසළ තිබී ඇත. ඔහුගේ හිසට වෙඩි වැදී ඇතැයි පොලීසිය කියයි. ඔහු පැමිණි බව කියන යතුරුපැදිය මීටර් 200ක් ඈතින් තිබූ අතර කැඩීගිය හෙල්ටය, බුලත්විඩක් හා ඉරිදා පුවත්පතක් ද එතැන තිබී සොයාගෙන ඇත. මොහු සියදිවි නසාගන්නට ඇතැයි යන සැකය ද පවතින බව පොලීසිය කියයි.