(අංජුල මහික වීරරත්න)
රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර අත්සන් කරනු ලැබූ ගිවිසුමට අදාලව මෙි මස 26, 27 සහ 28 යන තෙදින පැවැත්වෙන විවාදයට විපක්ෂය සහභාගී නොවන තත්ත්වයක් උද්ගතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙි තත්ත්වය උද්ගත වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුමේ සිංහල සහ දෙමළ භාෂාවල පරිවර්තන විපක්ෂය විසින් ඉල්ලා සිටීම නිසාය.
ගිවිසුමේ සිංහල පරිවර්තනය දෙන ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විශේෂ ඉල්ලීමක් කර තිබේ.
මේ අතර ඉන්දු ලංකා ගිවිසුම පිළිබදව පාර්ලිමේන්තු විවාදය පැවැත්වූයේද එම ගිවිසුමේ ඉංග්‍රීසි පිටපත පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබියදී බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ අත්සන් කළ ගිවිසුම ඉදිරිපත් කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි.
විපක්ෂය භාෂා ප්‍රශ්නයක් මුල් කර ගනිමින් මෙලෙස කටයුතු කිරීමට උත්සාහ කරන්නේ අයි.එම්.එෆ් විවාදයෙන් පැන යාමට බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් විමසීමේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුයේ අදාල විවාදය පැවැත්වීම සඳහා සිංහල සහ දෙමළ පිටපත් අත්‍යවශ්‍ය වන අතර රජය එම පිටපත් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

