අයි.එම්.එෆ් විවාදය 4 වෙනිදා


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡා ගැන  මුදල් අමාත්‍යවරයා නිකුත් කිරීමට නියමිත   ප්‍රකාශය ලබන මස 4 වෙනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය  කළ බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු එම ප්‍රකාශය කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ රැස් විය.