
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව ගැන ලබාදී ඇති වාර්තාව සම්බන්ධයෙන් ලබන 8 වෙනිදා සිකුරාදා පැය 10 ක විවාදයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (01) තීරණය කළේය.
මේ අනුව එම විවාදය එදින උදේ 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වෙනු ඇත.
කාලීන ප්‍රශ්නයක් හෙයින් මේ සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් ලබාදෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී ඉල්ලීමක් කර ඇත.
එහෙත් ඊට රජයේ පාර්ශ්වයෙන් එකඟත්වයක් ලැබී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තුව ලබන 5 වැනිදා සිට 8 වෙනිදා දක්වා රැස්වීමටද එහිදී තීරණය කර ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(1) පස්වරු 2.00ට රැස්විය.

