අයි.එම්.එෆ් ණය පමාවක් ගත යුතුමයි


(අංජුල මහික වීරරත්න)

ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත සහ ව්‍යාපාර නැවත සවිබල ගන්වන තුරු 2028 ණය ගෙවීම කල් දමා ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පවතින IMF ගිවිසුම වෙනස් කර ගන්නා ලෙස තමා කියු කතාව ජනාධිපතිවරයාට විහිලුවක් වූවාට එය සැබෑ යථාර්ථය බව විපක්ෂ නායකවරයා කීය.

ජනාධිපතිවරයා 'අනේ Please' යැයි නොකියා මේ අවස්ථාවේ සිදු කළ යුත්තේ IMF සහ ලෝකයේ රටවල් මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කර ණය ගෙවීමට සහන ලබා ගැනීම බව විපක්ෂ නායකවරයා පැවසීය. මේ තත්ත්වය තුළ 2028 විදේශ ණය ගෙවීම යථාර්ථවාදී නොවන බව මූල්‍ය අරමුදලට පෙන්විය යුතු බවත් මේවා තමා කියන්නේ කුණාටුවට පෙර සිට බවත් ප්‍රේමදාස මහතා කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ආපදාවෙන් විපතට පත් දොම්පේ ප්‍රදේශයේ මහා පරිමාණ කර්මාන්ත සම්බන්ධයෙන් සොයා බැලීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.