අයි.එම්.එෆ්. ප්‍රගතිය මනියි


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර ඇති සැළසුමේ ප්‍රගතිය මැනිය හැකි කැපවීම්වලින් සියයට 25 ක් මාර්තු මස අවසන් වන විටත් සම්පූර්ණ කර ඇති බවත් එසේ වුවද එක ප්‍රධාන කැපවීමක් සම්පූර්ණ කිරීමට අපොහොසත් වී ඇති බවත් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනයේ නවතම හදුන්වාදීම වන ‘අයි.එම්.එෆ්. මීටරය’ පවසයි.

සම්පූර්ණ කර ඇති කැපවීම් සියයට 25 න් ඇතැම් කැපවීම් විස්තීර්ණ අරමුදල් පහසුකම් ගැනීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබීමට පෙරම සම්පූර්ණ කර තිබූ බව කියන ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය එම කැපවීම් විස්තීරණ අරමුදල් පහසුකම් ගැනීමට සුදුසුකම් ලැබීම සඳහා සපුරාලිය යුතු ‘පූර්ව පියවරයන්’ බව ද සදඟන් කරයි.

විනිවිදභාවය වෙනුවෙන් වන පූර්ණ ක්‍රියාකාරි මාර්ගගත වේදිකාවක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව අපහසත් වීම සම්පූර්ණ කිරීමට නොහැකි වූ ප්‍රධාන කැපීම බව ද ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය කියයි.

‘වෙරිටේ රිසර්ච්’ ආයතනයේ ‘අයි.එම්.එෆ්. මීටරය’ වාර්තාව පහත දැක්වේ.