විරෙන්දර් දාරා සිං යනු අයි. පී. එල්. තරග වෙනුවෙන් ඔට්ටු දැමීම පුරුද්දක් කරගත් බොලිවුඞ් නළුවෙකි. නමුත් ඔහු පරාජිතයෙකි. එහෙත් ගුරුනාත් මෙයියප්පන් මහතා සමග මිතුරු දමින් බැඳුනු පසුව දාරා සිංගේ බඹරය වැල්ලේත් කැරකෙන්නට පටන් ගත්තේය.
දාරා සිංගේ බඹරය වැල්ලේ කරකැවූ ගුර්නාත් මෙයියප්පන් යනු කවරෙක්ද?
ගුර්නාත් මෙයියප්පන් යනු මේ වන විටත් දෙවරක්ම අයි. පී. එල්. ශූරතා දිනා සිටින, මෙවර (2013) තරගාවලියේදීත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්, චෙන්නායි සුපර් කිංග්ස් පිලේ හිමිකරුවා හෙවත් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතාගේ බෑණනුවන්ය.
එපමණක් නොවේ, ගුර්නාත් මෙයියප්පන් යනු චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ප‍්‍රධානියා හෙවත් ප‍්‍රධාන විධායක නිලධාරියාය.
මේ වන විටත් මුම්බායි පොලිස් අත්අඩංගුවේ සිටින වින්දු දාරා සිං සහ ගුර්නාත් මෙයියප්පන් මහතා අතර මිතුරු දම ලියලා වැඩෙන්නේ වසර දෙකකට පමණ ඉහත සිටය.
පොලිස් අත්අඩංගුවේදී වින්දු දාරා සිං විසින්ම පවසන ලද දේ අනුව මෙවර අයි. පී. එල්. තරගාවලියේදී වින්දු දාරා සිං ඔට්ටු දැමීමෙන්, පළමු වතාවට, උපයාගන්නා ලද මුදල ඉන්දීය රුපියල් ලක්‍ෂ 17 ක් හෙවත් ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 40 ඉක්මවයි. මේ බව ප‍්‍රකාශ කරන්නේ, අදාළ පරීක්‍ෂණ කටයුතු සඳහා සම්බන්ධ නමුත්, නම හෙළි කිරීමට අකමැති පොලිස් නිලධාරියෙකි.
වින්දු යන කෙටි නමින් හැඳින්වෙන, විරෙන්දර් දාරා සිං කලකට ඉහත ආසියාවේ සිටි විශිෂ්ටතම මල්ලවපොර ශූරයකු වූ ධාරා සිංගේ පුතණුවන්ය.
ඔට්ටු දමන්නන්ගේ කල්ලියේ වින්දු හඳුන්වනු ලබන්නේ ‘ජැක්’ යනුවෙනි.
කලින් පැවැති අයි. පී. එල්. තරගාවලි පහේදීත් කි‍්‍රකට් තරග සඳහා ඔට්ටු ඇල්ලූ වින්දු ඒවායින් බරපතළ පාඩු අත්කරගත්තේය. එහෙත් මෙවර අයි. පී. එල්. තරගාවලියේදී වින්දුට ලැබී තිබෙන අති විශාල වාසි සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය විමසිල්ලෙන් පසුවෙයි.
”අප තවමත් කිසිම නිගමනයකට ඇවිත් නෑ. ඒත් ඔහුගේ මේ හදිසි සාර්ථකත්වය ගැන අප සොයා බලනවා” යයි මුම්බායි පොලිස් නිලධාරියෙක් පවසා තිබිණ.
බ‍්‍රහස්පතින්දා උදේ වරුවේදී මුම්බායිහි පොලිස් කොමසාරිස්වරයකු වන සත්‍යනාරායන් චෞද්රි මහතා සහ තවත් නිලධාරීන් පිරිසක් චෙන්නායි හි පිහිටි මෙයියප්පන් මහතාගේ නිවසට පැමිණි නමුත් ඔහු නිවසේ නොසිටියේය. පසුව ඔව්හු සිකුරාදා දිනයේදී මුම්බායි පොලිසියේ පෙනී සිටින ලෙස නොතීසි බාරදී පිටව ගියහ.
බොලිවුඞ් නළුවකු වන වින්දුගේ ජංගම දුරකතන ඇමතුම් විශ්ලේශනය කරද්දී මුම්බායි පොලිසියට පෙනී ගියේ ඔහු මෙයියප්පන් මහතා සමග නිරන්තර සම්බන්ධතා පැවැත්වූ බවයි. චෙන්නායි නුවරදී පැවැති අයි. පී. එල්. තරගයකදී ප‍්‍රභූවරුන් සඳහා වෙන්වූ කුටියක වින්දු සිටි බවද හෙළිදරව් විය.
ලැබී තිබෙන තොරතුරු අනුව මෙයියප්පන් මහතාට වින්දු හඳුන්වා දෙනු ලැබ ඇත්තේ ඉන්දීයාවේ ඉතා ජනපි‍්‍රය කි‍්‍රකට් කී‍්‍රඩකයකු සමග කිට්ටු ඇසුරක් ඇති අයකු විසිනි.
පොලිස් නිලධාරීන් පවසන ආකාරයට ඉතා ප‍්‍රසිද්ධ පුද්ගලයන් රැසකගේ නම් වින්දු විසින් හෙළිදරව් කරනු ලැබ ඇත. ඒ අතර නළුවෙක්, නිළියක් මෙන්ම කලක් කි‍්‍රකට් කී‍්‍රඩකයකුව සිට පසුව විස්තර කථකයකු වූ අයකුද සිටින බව වාර්තාවේ.
”ගුරුනාත් සම්බන්ධයෙන් ඔහු බොහෝ දේවල් කීවා. ඒත් ගුරුනාත්ගෙන් ප‍්‍රශ්න කිරීමට අවස්ථාවක් අපට ලැබෙන තුරු ඒ ගැන නිශ්චිත යමක් කියන්නට බෑ”
”ඒත් මෙයියප්පන් වෙනුවෙනුත් ඔහු ඔට්ටු ඇල්ලූවා කියලත් වින්දු කිව්වා” යයිද එම පොලිස් නිලධාරීයා පැවසීය.
අපරාධ අංශයේ තොරතුරු අනුව 49 හැවිරිදි වින්දු ස්ථිර වශයෙන්ම ඔට්ටු දමන්නන් සමග සම්බන්ධතා පවත්වා ඇත. බොහෝ අවස්ථාවන්හිදී අයි. පී. එල්. තරග නැරඹීමටද යන වින්දු තරගයෙන් අනතුරුව පැවැත්වෙන පි‍්‍රය සම්භාෂණයටද සහාගි වන්නෙකි.
ඔහු චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ බිරිඳ සක්සි සමග අයි. පී. එල්. තරග නැරඹූ අවස්ථාද තිබේ.
පාකිස්තානු ජාතික විනිසුරුවරයකු වන අසාඞ් රවුෆ් මහතාද ප‍්‍රශ්න කිරීම සඳහා කැඳවීමට මුම්බායි පොලිසිය සූදානම් වෙයි. මෙම සූදානම නිසා ලබන මාසයේදී එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් රවුෆ් මහතා ඉවත් කිරීමටද අන්තර්ජාතික කි‍්‍රකට් සභාව පියවර ගත්තේය.
මේ අතර තමිල්නාඩු පොලිසියේ අපරාධ අංශය විසින් ‘කිටී’ හෙවත් උත්තම් චුනිලාල් ජාන් නැමැති අයකු අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඔහු ඉහළ මට්ටමේ ඔට්ටු බාරගන්නා අයකු ලෙස හඳුන්වන චෙන්නායි පොලිසිය, කිටී වටා ඔට්ටු දමන්නන් 30 කට වැඩි පිරිසක් සිටින බවත් පැවසීය. කිටී විසින් බාරගනු ලබන ඔට්ටුවක අවම මුදල රුපියල් 50,000 ක් බවද කියැවේ.
”කිටී බොහොම වැදගත් ඔට්ටුකරුවෙක්”
”හෙළිදරව් වන තොරතුරු අනුව ඔහු ව්‍යාජ ලිපි ලේඛණ භාවිතා කරලා ජංගම දුරකතන සඳහා යොදාගන්නා ‘සිම්’ කාඞ්පත් ගණනාවක්ම කි‍්‍රයාත්මක කරලා තියෙනවා” යයිද චෙන්නායිහි වංචා විමර්ශන ඒකකයේ නිලධාරියෙක් ‘ද හින්දු’ පුවත් පතට පැවසීය.
චෙන්නායිහිදී මේ දක්වා බුකි කරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විටත් දකුණු අපි‍්‍රකාවට ගොස් ඇතැයි සැලකෙන සන්ජේ බෆ්නා නම් අයකුද අත්අඩංගුවට ගැනීමට සොයයි.
මේ අතර මූල්‍ය ඒජන්තවරයකු වන අල්පේෂ්කුමාර් පතෙල් නැමැත්තකුද මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. පාකිස්තානයේදී නීති විරෝධී ආකාරයෙන් උපයාගනු ලබන මුදල් ඔට්ටු දැමීම සඳහා ඩුබායි හරහා ඉන්දියාවට ගෙන ඒමේ නියෝජිතයකු වශයෙන් කටයුතු කර ඇති අල්පේෂ්කුමාර් පතෙල් මුම්බායිහි කල්බාදේවි ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණ.
”ඔහු සතුව තිබී ඉන්දීය රුපියල් ලක්‍ෂ 128 ක්, ජංගම දුරකතන දෙකක් අත්අඩංගුවට ගත්තා” යයිද මුම්බායි පොලිස් කොමසාරිස් හිමාන්ෂු රෝයි මහතා පැවසීය.
මෙම නීති විරෝධී මුදල් හුවමාරුවක් සඳහා අල්පේෂ්කුමාර් පතෙල් නැමැත්තා රුපියලකට ශත 25 ත් ශත 50 ත් අතර සේවා ගාස්තුවක් අයකරන බවත් මුම්බායි පොලිසිය කියයි.