අයි. පී. එල්. මුල් හතරදෙනාට කෝටි 60 ක සල්ලි මල්ලක්


ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 10 ක් හෙවත් ශ‍්‍රි ලංකා රුපියල් ලක්‍ෂ 2,400 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. මෙවර ප‍්‍රධාන මුදල් ත්‍යාග හතර සදහා පමණක් ඉන්දීය රුපියල් කෝටි 25 හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්‍ෂ 6,000 ක් වෙන්කර තිබේ.

තරගාවලියේ අනු ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 7.5 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්‍ෂ 1,800 ක් පිරිනැමේ. තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට ඉන්දීය රුපියල් කෝටි 3.75 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 900 බැගින් ද හිමිවේ.