අයි. පී. එල්. තරගාවලිය නවත්වන්නේ නෑ - ඉන්දීය කි‍්‍රකට් ලේකම්


ශූරයන්ගේ කුසලාන තරගාවලියේ උණුසුම නිසා අයි. පී. එල්. තරගාවලියේ මුදලට තරග අවස්ථා පාවාදීමේ සිදුවීම් යටපත් වී ගිය නමුත් අයි. පී. එල්. තරගාවලිය නොකඩවා ඉදිරියටත් පැවැත්වෙනු ඇතැයි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයට අලූතෙන් පත්වූ ලේකම් සන්ජේ පතෙල් මහතා කියයි. අයි. පී. එල්. තරගාවලිය සම්බන්ධයෙන් බාහිර ප‍්‍රශ්න ඇතිවිය හැකි නමුත් කි‍්‍රකට් කී‍්‍රඩාව එහි ප‍්‍රශ්න වලින් මිදී ඉදිරියටම යනු ඇතැයිද ඉන්දීය පි‍්‍රමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ දිගු කාලීන බලාපොරොත්තු වලට හානියක් සිදු නොවනු ඇතැයිද පතෙල් මහතා වැඩිදුරටත් කියයි.

අයි. පී. එල්. තරගාවලියේ මුදලට තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් කෙරුණු පරීක්‍ෂණ සඳහා ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතාගේ බෑණනුවන් වන ග-ුරුනාත් මෙයියප්පන් අත්අඩංගුවට පත්වීමත් සමගම ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරිකවරයාද ඉල්ලා අස්වූහ.

”අප සියලූ දෙනාම කි‍්‍රකට් කී‍්‍රඩාවට ආදරෙයි. ඒ නිසා එහි ප‍්‍රතිරූපය විනාශ වෙනවා දකින්න කිසිවකු කැමති නෑ. සමස්ත ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයම උත්සාහ කරන්නේ මේ තියන දූෂණ ඉවත් කරන්නයි”

”මේක විශාල අභියෝගයක් තමා. ඒත් අවසානයේදී කි‍්‍රකට් කී‍්‍රඩාව එහි ජයග‍්‍රාහකයා වෙනු ඇතැයි කියන එක අප සෑම දෙනාගේම බලාපොරොත්තුවයි” යයිද සන්ජේ පතෙල් මහතා ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ නියෝජිතයන්ට පැවසීය.

”අයි. පී. එල්. විතරක් නොවෙයි අනෙක් හැම දෙයක්ම හොඳින් සිදුවෙනවා. අයි. පී. එල්. තරගාවලියේදී සිදුවුණ දේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කමිටුවක් වැඩ කරනවා” යයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

අයි. පී, එල්. තරගාවලිය තාවකාලිකව නතර කරන්නේද යන්න කළ විමසීමකට පිළිතුරු දුන් පතෙල් මහතා පවසා සිටියේ එවන්නක් නොවන බවයි.
”බාහිර ප‍්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් ජග්මෝහන් දල්මියා කියන්නේ (ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ වැඩ බලන සභාපති) දැඩි තීරණ ගන්නා අයෙක් බව අප හැමෝම දන්නා දෙයක්”

”ඒ නිසා තරගාවලිය නතර කරන එකක් නෑ. විශේෂයෙන්ම කි‍්‍රකට් කී‍්‍රඩාව කියන්නේ තනි පුද්ගලයකුට වඩා වටිනා දෙයක්” යයිද හෙතෙම පැවසීය.