අයි. පී. එල්. තරගාවලියේ ඉතිරි තරග සියල්ලම අවලංගු කරන ලෙස ඉදිරිපත් කරන ලද පෙත්සමක් ඉන්දීය ශේෂ්ඨාධිකරණය විසින් අ`ගහරුවාදා ප‍්‍රතික්ෂේප කරන ලදි. කී‍්‍රඩාවේ මේ වන විට පැතිර යමින් පවතින දූෂණ සහ වංචා හේතුවෙන් මෙම තරගාවලියේ ඉදිරි තරග පැවැත්වීම අත්හිටුවිය යුතු යයි පෙත්සමක් කි‍්‍රකට් ලෝලියකු වන සුදාෂ් අවස්ථි නම් තැනැත්තකු විසින් ගොනුකරනු ලැබ තිබිණ.
අයි. පී. එල්. තරගාවලියේදී තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් ඉන්දීය ටෙස්ට් කී‍්‍රඩක ශාන්ත කුමාරන් ශී‍්‍රසාන්ත් සහ කී‍්‍රඩකයන් දෙදෙනකුද, බුකිකරුවන් 11 දෙනකුද ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
කෙසේ වෙතත් ඉන්දීය ශේෂ්ඨාධිකරණයේ තීන්දුව වී ඇත්තේ තරගාවලිය සැලසුම් සහගත ලෙසින්ම අවසන් කළ යුතු වන බවයි. තරගාවලියේ අවසන් වටයේ තරග ඊයේ (21 වැනිදා) ආරම්භ වූ අතර අවසන් මහ තරගය 23 වැනි ඉරිදා පැවැත්වීමට නියමිතය.