අයි. පී. එල්. කී‍්‍රඩකයන් තිදෙනෙක් අත් අඩංගුවට


ඔට්ටුකරුවන්ගේ උපදෙස් මත කී‍්‍රඩා කිරීම හෙවත් මුදලට තරග අවස්ථා පාවාදීම හේතුවෙන් ඉන්දීය ප‍්‍රධාන ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) ඉදිරියෙන් සිටින කණ්ඩායමක් වන රාජස්ථාන් රෝයල්ස් පිලේ ක‍්‍රීඩකයන් වන ශාන්තකුමාර් ශ‍්‍රිසාන්ත්, අන්කීට් චාවන් සහ අජිත් චන්දිලා යන ක‍්‍රීඩකයන් ඉන්දීය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.

ඉන්දීයාවේ දූෂණ සහ අපරාධ නීතිය අනුව මෙම ක‍්‍රීඩකයන් තිදෙනා ප‍්‍රශ්න කිරීම සඳහා පොලිස් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔවුන් තිදෙනාට  තරග තහනමක් පැනවීමට ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.

..