අයහපත් කාලගුණය උඩරට දුම්රිය ධාවනයට බාධා කරයි


(යොහාන් භාසුර)

ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර මාර්ගයට පස්කදු සහ ගල් කඩා වැටීමෙන් එම දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි උමං මාර්ග අසල දුම්රිය මාර්ගය ස්ථාන දෙකකින් අවහිර වී ඇති බවත් ඒ අනුව බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නැවතු බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලදාරියෙක් පැවසීය.

මෙම තත්වය හේතුවෙන් ඇල්ල ඔඩිසි දුම්රිය ද අතරමග නවතා දැමූ බව ද කී එම නිලධාරියා දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.