අය වැය විවාදය අවසන් වීමෙන් පසුව ඇරඹෙන නව පාර්ලිමේන්තු සැසිවාරයේ දී ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මුදල් අමාත්‍යාංශයේ දී පැවසීය.
නව පාර්ලිමේන්තු සැසි වාරය කල් දැමීමට ආණ්ඩුව තීන්දුවක් ගෙන නොමැති බවත් ජනාධිපතිවරයා ගේ අත්සන් නොමැතිව එලෙස පාර්ලිමේන්තුව කල් දැමිය නොහැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.