අයවැයෙන් ඉහළදැමු විශ්‍රාම වැටුප මේ මාසයේ සිට


(සුජිත් හේවාජුලිගේ)

අයවැයෙන් ඉහළ දැමීමට තීරණය කළ විශ්‍රාම වැටුප් විශ්‍රාමිකයන්ට  මේ මාසයේ සිට  දෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එසේ ඉහළ දැමූ වැටුප විශ්‍රාමික රාජ්‍ය සේවකයන් ලක්ෂ පහකට අධික පිරිසකට  හිමිවන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා පැවසීය.