අයවැයෙන් ඡන්දෙට වෙන කළ සල්ලි ප්‍රමාණවත්ද?


(අංජුල මහික වීරරත්න)

අයවැයෙන් මැතිවරණවලට වෙන්කර තිබෙන මුදල ප්‍රමාණවත්දැයි මැතිවරණ කොමිසම සිතා බැලිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මේ මොහොතේදී මැතිවරණ පැවැත්වීමට පෙර රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවද අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

වඩා වැදගත් වන්නේ මැතිවරණය ද? මිනිසුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවන එකදැයි ජනතාව තීරණය කරන්න කළ යුතු බවද  එදා නීති කඩ කරපු මිනිස්සු අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම විහිළුවක් බවද අමාත්‍යවරයා කීය.