අයවැයට සහන දෙන තීරණය ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ


(එෆ්.අස්ලම්)
 
2019 වසර සහා වූ රජයේ අයවැයට සහාය වන්නේද නැතිද යන්න ජනාධිපතිවරයා සමඟ හෙට (17) සිදුකරන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය වනු ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.
 
රජයේ අයවැයට සහාය පළ නොකරමින් එය ප්‍රතික්ෂේප කළ යුතුයි යන අදහස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් තුළ පවතින අදහසක් බවද එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සහන් කළේය.
 
යාපනයේ පිහිටි සිය නිවසේ අද( 15 ) මාධ්‍ය හමුවක් කැඳවමින් සුමන්තිරන් මහතා මේ බව අවධාරණය කළේය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා මෙසේද කීය.
 
බොහෝ දේවල් සිදුකර අවසන් කරනවා කියලා දීපු පොරොන්දුව රජයට නිසි ආකාරයෙන් ඉටුකරන්න බැරි වුණා. රජය මේ විදිහට බොහෝ දේවල් සිදු නොකළ නිසා මෙවර අයවැය ප්‍රතික්ෂේප කළ යුතුයි කියල දෙමළ ජාතික සන්ධානයේ බහුතර පිරිසක් යෝජනා කරනවා.
 
අයවැය සම්බන්ධයෙන් කුමන ආකාරයේ කොන්දේසි ඉදිරිපත් කරන්නේද පොරොන්දු ඉටු කිරීම සහා රජයට කොපමණ කාලයක් ලබාදිය යුතුද කියල අපි  මෙතෙක් තීරණය කරල නැහැ. බදාදා 17 වනදා ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් තියෙනවා.ඒ සාකච්ඡාවේදී මොන විදිහෙ තීරණයක් ගනීවිද කියල දන්නෙ නැහැ.
 
ජනාධිපතිවරයාගේ එම සාකච්ඡාවෙන් පසු අපි ඔහු සමඟින් සාකච්ඡාවක් සිදුකිරීමට සිටිනවා. එම සාකච්ඡාවට අධිකරණ අමාත්‍යවරිය සහ නීතිපතිවරයාද කැවන බවට ජනාධිපතිවරයා පෙර සහන් කළා. නමුත් එදින (17) කියූ පරිදි සාකච්ඡාව සිදුවේද නැතහොත් වෙනත් දවසක සිදුවේද  කියල හරියටම  කියන්න බැහැ.
 
බන්ධනාගාර ගතකර සිටින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියල බලකරල ලබන 25 වනදා පාර්ලිමේන්තුවට කල් තැබීමේ විවාදයක් ගෙන  එන්න දෙමළ ජාතික සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් එක්ව කටයුතු කරනවා. අන්තවාදී සිංහල දේශපාලන බලවේග සහ සංවිධානවල අය කොටි සංවිධානයේ සාමාජිකයින් නිදහස් කරන්න කටයුතු කරනවා කියල වැරදි ප්‍රචාරයක් දකුණේ සිංහල ජනතාව මාධ්‍යට ගෙන ගිහිල්ල තියෙනවා. මෙය නිවැරදි කළ යුතුයි.
 
දීර්ඝ කාලයක සිට බන්ධනාගාර ගතකර සිටින මොවුනට එරෙහිව නඩු විභාග කරලා ඒ නඩුවලට අනුව දඬුවම් පණවා තිබුණ නම් ඔවුන්ගේ දඬුවම් කාලයත් මේ වනවිට ඉවර වෙලා, නිදහස් වෙලා ඉන්නත් කාලය හරි. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඇප ලබාදිය නොහැකි කරුණක් බව කියමින් ඔවුනට එරෙහිව නඩු විභාගයක්ද නොකරමින් දීර්ඝ කාලයක සිට බන්ධනාගාර ගත කර සිටීම නිසා එම සිරකරුවන් ඔවුන්ව නිදහස් කරන්න කියල අරගල කරනවා.
 
ඔවුන්ව එකවරම නිදහස් කියලා ඒ සිරකරුවන් කියන්නෙ නැහැ. තමන් වරද පිළිගන්නවා දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතකොට සිටි හේතුව මත ඔවුන්ව පුනරුත්තාපනය කරල නිදහස් කරන්න කියලයි ඔවුන් ඉල්ලන්නේ. මේ සත්‍ය හරි විදිහට දකුණේ සිංහල ජනතාවට කියුවොත් තමයි මේ සිරකරුවන්ගේ නිදහසට ඒ ජනතාවගේ  සහයෝගය ලැබෙන්නේ. මෙහි  සාධාරණභාවය සිංහල ජනතාවට අවබෝධ කරදිය යුතුයි. එය නිසි ලෙසින් වටහා ගන්නේ නම් සිංහල ජනතාව කිසිසේත් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරනවට විරුද්ධ වෙන්නෙ නැහැ.
 
ඒ වගේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ මෙහෙයුම් කමිටු රැස්වීම මේ 25 වනදා රැස්වීමට නියමිතව සිටියත් කමිටු වාර්තාවේ සිංහල දෙමළ පරිවර්තන පමා වීම මත එම කමිටු රැස්වීම් නොවැම්බර් 5 වනදා තෙක් කල් දැමීමට සිදුව තිබෙනවා. අපි 25 වනදා රැස්වෙලා මීට අවසන් එකතාවය ලබ දෙනවා. ඒ වගේම පසුගියදා  පැවති මෙහෙයුම් කමිටු රැස්වීමේදී ඒකීය රාජ්‍ය හා ඔරුමිත්ත රාජ්‍ය යන වචන දෙක සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුනා.
 
ඒකීය රාජ්‍ය වෙනුවට මෙතෙක් ඔට්‍රෙයි ආට්චි කියල නම භාවිතා වුණා. ඒ වෙනුවට බෙදිය නොහැකි -නොබෙදුනු කියන අර්ථය එන ඔරුමිත්තනාඩු කියන වචනය අප යෝජනා කළා. ඔරුමිත්ත නාඩු කියන්නෙත් ඔට්‍රෙයි ආට්චි කියන අර්ථයම තමයි කියල පසුගිය ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු රැස්වීමේදී මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා ප්‍රශ්නයක් මතුකරා.
 
ඔහු  යෝජනා කළේ ඔට්‍රෙයි ආට්චි කියන නම භාවිතා කරමු කියලයි. නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කාර්ය ප්‍රමාද වීමට එයද එක් හේතුවක්.