අයවැයෙන් රාජ්‍ය සේවක අයිතිය කප්පාදු කළැයි සහ මැතිවරණ සමයේ දුන් පොරොන්දු ඉටු නොකළැයිද කියමින් සමස්ත ලංකා හෙද සංගමය අද උද්ඝෝෂණ සතියක් ආරම්භ කළේය.
කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද දහවල් උද්ඝෝෂණයක් පැවති අතර, මෙම මස 15 වැනිදා තෙක් දිවයිනේ ප‍්‍රධාන රෝහල් ඉදිරිපිට අයවැයට විරෝධය පා උද්ඝෝෂණ පවත්වන බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා පැවසීය.


