අයවැයට එරෙහිව වෛද්‍යවරු පාරට බසිති


වෘත්තිකයන් හා රාජ්‍ය සේවකයන් මත දැමූ අධික බදු බර ඉවත දමන ලෙස බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (28) ප්‍රධාන රෝහල් 18ක් ඉදිරිපිට උද්ඝෝෂණ කළහ.

වහාම සාධනීය ප්‍රතිචාර නොදක්වන්නේ නම් දීප ව්‍යාප්ත වර්ජනයකට එළැඹීමට සිදුවන බව ද එහි වගකීම අයවැය නිර්මාතෘ මුදල් ඇමැති භාරගත යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

මේ අතර අනුරාධපුර රෝහල ඉදිරිපිට දී ද අද(28) වෛද්‍යවරු පිරිසක් අයවැයට එරෙහිව උද්ඝෝෂණයක් කළහ.

දිවයින පුරා පැවැත්වූ මෙම විරෝධතා ව්‍යාපාරය සාර්ථක වූ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.

දිවයින පුරා හෙට(29) අයවැය ගැන දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ පවත්වන බව ඔහු කීය.

DSC_9507 DSC_9510 DSC_9527 DSC_9534

ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්

DSC03690 DSC03693 DSC03695

ඡායාරූප - දයාරත්න ඇඹෝගම