
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අයවැය විවාදය පාර්ලිමේන්තුවේදී හෙට (3) උදේ 9.00ට නැවතත් ආරම්භ වේ.
හෙට විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සහ වැවිලි කර්මාන්ත සහ ප්‍රජා යටිතල පහසුකම් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන්ය.
ආපදා තත්වය හේතුවෙන් හෙට දිනයේද මන්ත්‍රීවරුන්ගේ පැමිණීම අඩු වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ආපදා තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු අයවැය විවාද අදත් ඊයේත් නොපැවැත්විණ. ඊයේ අමාත්‍යාංශ හතරක වැය ශීර්ෂ සම්මත කර ගැනුණේ විවාදයකින් තොරවය.

