අයවැය යෝජනා හොයන්න කමිටුවක්


අයවැය යෝජනා නිසියාකාරව ක්‍රියාත්මකව වනවාද නැද්ද යන්න සොයා බැලීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවැසීය.  

කොතරම් අයවැය යෝජනා ඉදිරිපත් කළ ද ඒවා ක්‍රියාත්මක නොවන්නේ නම්, මුදල් වෙන් කිරීමෙන් කිසිදු ප්‍රගතියක් අත් නොවන බව ද කරුණානායක මහතා එහිදි කීය. 

“අයවැය - බදු යෝජනා සහ ව්‍යාපාර කෙරෙහි බලපෑම” යන මැයෙන් ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධීකාරී ආයතනය සංවිධානය කරන සම්මන්ත්‍රණය අමතමින් මුදල් ඇමැතිවරයා එසේ කීය. 

 “මෙම කමිටුව සාමාජිකයන් දහයත් දොළහත් අතර පිරිසකගෙන් සමන්විතයි. අයවැය යෝජනා නිසි අයුරින් ක්‍රියාත්මක වනවාද නැද්ද යන්න සොයා බැලීම එම කමිටුවට පැවරෙන වගකීමයි. අයවැය යෝජනා ක්‍රියාත්මක වනවාද, වෙන් කරන ලද මුදල්වලින් ඒ ඒ අමාත්‍යාංශ නිසි ප්‍රතිඵල ගන්නවාද යන්න සොයා බලා ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයට වාර්තා කිරීම ඔවුන්ගේ කාර්යභාරය වනවා. එම කමිටුව සතිපති ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම් දේවි‘

2017 වසර සඳහා අයවැය පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිතය.