නිමල කොඩිතුවක්කු
මෙවර අයවැය පරාජය කිරිමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා කොළඹදී අද(04) පැවසීය.
ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම්, දෙමළ ජාතික සන්ධානය සහ සෙසු පක්ෂ සමග සාකච්චා ආරම්භ කර ඇතැයිද දිසානායක මහතා කියා සිටියේය.
ආණ්ඩුවෙන් ඉවත්වූ 16 කණ්ඩායම පුංචි බොරැල්ලේ පිහිටි නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
අග‍්‍රාමාතය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහ මංගල සමරවීර මහතාට ගොඩ නැගීමට නොහැකි වූ ආර්ථිකය ගොඩ නැගීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයට සැළසුම් ඇති බවද දිසානායක මහතා එහිදී සඳහන් කළේය.
ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට අලූත් ආණ්ඩුවක් සඳහා ආරාධනා කර සිටින බවද එස්. බි දිසානායක මහතා වැඩිදුරටත් පැවැසීය.
අයවැය පරාජය කරන බව එස්බී කියයි
Recommended Articles