2016 අයවැයෙන් රාජ්‍ය සේවයට සිදු වී ඇති අහිතකර බලපෑම් සම්බන්ධයෙන් විරෝධය දැක්වීම සහ ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිලිබඳව දැනුවත් කිරීම සඳහා විද්වත් වෘත්තිකයන්ගේ ආයතනයේදී දීප ව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව මාධ්‍ය හමුවක් පැවැත්විය.
රාජ්‍ය සේවයේ වැටුප් අනුපාතය 1:4 සිට 1:35 දක්වා අඩු වීමත් , විශ්‍රාම වැටුප් කප්පාදුව සහ රාජ්‍ය නිලධාරීන්ටලබා දී තිබූ බදු සහන ඉවත් කිරීම 2016 අය වැයෙන්ඇති වූ අර්බුධ ලෙසත් ඉන්දු ලංකා වෙළඳ හා සේවා ගිවිසුම මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුධය අයවැය හා සම්බන්ධ නොවූ කාරණාලෙස එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ අතර රාජ්‍ය නිලධාරීන්ගේ සංගම් 20 ක්ද කැටුව මෙම අර්බුද වලට පිළිතුරු සැපයීමට අපොහෙසෙත් නම් වෘත්තීය ක්‍රියාමාර්ග වල නිරත වන බව මාධ්‍ය හමුවට එක් වූ වෛද්‍ය නිමල් කිත්සිරි මහතා, කේ.එල්. උදයසිරි, චන්දන ජයකොඩි, ඩී. අබේසිරිවර්ධන මහතා හා නොයෙල් රංජිත් මහතා ප්රමුඛ පිරිස කියා සිටියේය.

