(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දුප්පත් මිනිස්සුන් පිළිබඳ අබමල් රේණුවකවත් සැලකිල්ලක් අයවැයේ නැතැයි පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සිගරැට්ටුවක් බොන්න පුළුවන් මිනිහා බීඩියක් බොන්නේ නැතැයි ද ආර්ථික වශයෙන් පහළ මට්ටමක ඉන්න දුප්පත් මිනිහා බොන බීඩියට පවා බද්දක් ගහන්න අය වැය යෝජනා කර තිබෙන බව ශාන් විජේලාල් ද සිල්වා මහතා සඳහන් කළේය.

