2014 වර්ෂය සදහා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අය වැය මගින් රාජ්‍ය සේවකයාට මෙන්ම පුද්ගලික අංශයට ද රුපියල් දස දහසක දීමනාවක් ඇතුළු සේවක ඉල්ලීම් 21 ක් ඉල්ලා වෘත්තිය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය පැවැත් වු උද්ඝෝෂණක් අද සවස කොටුව දුම්රියපොල ඉදිරිපිටදී පැවැත්විණි.
ඔවුන් දුම්රියපොල සිට උද්ඝෝණ පා ගමනකින් මුදල් අමාත්‍යංශය දක්වා ගමන් ගත් අතර එය ලෝටස් පාරේ හිල්ටන් හෝටලය අසලදී පොලීසිය මගින් මාර්ග බාධක යොදා නතර කෙරිණි.