අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 100කින් අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 157ක් ද, විරුද්ධව ඡන්ද 57ක් ද ලැබිණි.
එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු විරුද්ධව ඡන්දය ලබා දුන්හ.
ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි සහ ඇමැති පාටලී චම්පික රණවක මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැත.

