ඉන්දිකා රාමනායක
අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන කඳවුරු භූමියේ පිහිටි ‘‘සම්මානීය මුරකුටියේ ’’රාජකාරියේ යෙදී සිටි සෙබළාට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඔහුගේ රාජකාරී ගිනි අවිය පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා සමාජිකයන් දෙදෙනාගේ සේවය වැටුප් රහිතව අත්හිටුවා ඇති බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා කීය.
සේවය අත්හිටුවීට අමතරව සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය මුලස්ථානය විසින් මොවුන් දෙදෙනාට එරෙහිව මුලික පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම පරීක්ෂණයට අමතරව යුද හමුදා පොලිසියෙන් ද මොවුන් දෙදෙනාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද හමුදා ප‍්‍රකාශකවරයා පැවසීය.
සිද්ධියෙන් ඝාතනය ලක්ව ඇත්තේ බුලත්කොහුපිටියේ පදිංචිව සිටි ඩබ්ලිව් එම්. එන්. එස්. ජයසේන (21) නැමැති සෙබළාය.
ලාන්ස් කෝප‍්‍රල්වරුන් නිලයේ සිටින චානක වික‍්‍රමසිංහ සහ ධනුෂ්ක ලක්මාල් නැමැති සැකකරුවන් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (28) අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් තරිදු අමරසිංහ මහතා මොවුන් දෙදෙනා ලබන 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.