කහවත්ත කොටකෙතන නයනා නිල්මිණී (52) සහ කාවින්ද්‍යා චතුරංගි (18) මව සහ දියණිය ඝාතනය සම්බන්ධයෙන් ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී එල් එච් ධර්මසිරිගේ සහෝදරයාට සහ සහෝදරයාගේ බිරියට එරෙහිව රත්න්පුර මහාධිකරණ විනිසුරු මොහාන් සෙනවිරත්න මහතා ඉදිරියේ අද අධිචෝදනා බාර දුන්නේය.
2012 ජනවාරි 31 වැනිදා සිදුවූ එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු සහ රසිකා චාන්දනී උදයකුමාරි හෙවත් බට්ටි එලෙස අධි චෝදනා ලැබූහ.
සැප්තැම්බර 30 වැනිදා සිට එක දිගට නඩුව විභාග කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.






