අඹුසැමි යුවළ රිමාන්ඩ්


දැදිගම පොලීසියේ තිදෙනකුට ඇසිඩ් ගැසීයැයි සැකපිට වරෙන්තු කරුවකු සහ ඔහුලේ බිරිය තුල්හිරිය වැඩ බලන මහේස්ත්‍රාත් තමාලි කහගල්ල මහත්මිය විසින් ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

වරෙන්තුකරු නිමල් කුමාරසිරි හා ඔහුගේ බිරිය පත්මකාන්ති නම් දෙදරු මව රිමාන්ඩ් බාරයට පත් වූ දෙදෙනාය.

පොලිස් සැරයන් සුනිල් ප්‍රේමසිරි, කොස්තාපල්වරුන් වන පත්මකුමාර හා ඩෙන්සිල් ඇසිඩ් වැදී රෝහල් ගත කරනු ලැබ සිටිති.