වැලිසර සතොස ගබඩාවෙන් සීල් කළ ලොරිවලින් යැවෙන අල, ලූනු පරිප්පු ඇතුළු භාණ්ඩ මිනුවන්ගොඩ ගෙදරක දී සීල් නොගලවා සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලොරියක් හිමි කතක සහ ඇගේ සැමියා ද, තවත් තිදෙනෙක් ද, මිනුවන්ගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
ලොරි දෙකක් ද, වෑන් රියක් ද සොරකම් කළැයි කියන ලක්ෂයක පමණ භාණ්ඩ ද සොයාගෙන ඇත.
සීල් නොකඩා ලොරියේ ලෑල්ලක් ගලවා ඇතුළට රිංගා බඩු එළියට ඇද ඇතැයි පොලිසිය කියයි.
මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී ලුඩවයික් මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන සිදුකරති.

