අඹු සැමි යුවල අනතුරින් මරුට


පොලොන්නරුව ජයන්තිපුරදී හමුදා කැබ්රියක් හා කාරයක් හැපී කාරයේ ගමන් කළ අඹු සැමි යුවලක් මිය ගොස් ඔවුන්ගේ සොලොස් හැවිරිදි පුතා තුවාල ලැබු බව පොලීසිය කියයි.

කාරයේ සිටි තවත් පුතෙකු  තුවාල නොලබා බේරී ඇත. අනතුරින් පසුව සොයාගත නොහැකි වු හමුදා කැබ් රියදුරු අද උදෑසන අත් අඩංගුවට ගෙන ඇත.