(කරන්දෙණිය එම්.සුසිල් පියන්ත)
ඇල්පිටිය ඇත්කදුර දිවිතුර වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබියදී අද(4) උදේ සොයා ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ ඇල්පිටිය ඇත්කදුර දිවිතුර වත්ත පදේශයේම පදිංචි තිස්තුන් හැවිරිදි දෙදරු මවක් වන යොවාන් රෙනිට මේරී නමැත්තිය බවද පොලීසිය කියයි.
මේ කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා නිවස තුළදීම ඇය ඝාතනා කිරීම සදහා ගත් පිහියක් සමග සැකපිය ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පවුල් ආරවුලක් මේ ඝාතනයට හේතුව වන්නට ඇතැයි පවසන පොලීසිය කාලයක් තිස්සේ පටන්ම මේ අඹුසැමියන් අතර ආරවුල් පවතින බවද පොලීසිය කියයි. ඇල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

