අඹ ගෙඩියට ගැටී අයෙක් මරුට : සැකපිට 13 ක් අත් අඩංගුවට


වෙසක් පෝදා සංගීත සංදර්ශනයක් නැරඹීමට ගිය දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පිහි ඇනුම් කා මිය ගිය 23 හැවිරිදි පළතුරු වෙළන්දකුගේ ඝාතනය සම්බන්ධයෙන් පිංවත්ත ප්‍රදේශයේ 13 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෝදරවිල හා පිංවත්ත ප්‍රදේශවල දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇත්තේ අඹ ගෙඩියක් කඩා කෑමට ගැනීමක් සම්බන්ධයෙන් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

නිශාන්ත ප්‍රනාන්දු නමැත්තාගේ මරණය පිහි ඇනුමක් හේතුවෙන් සිදුවී ඇතැයි කියති.