බූදල් නඩුවකින් තමන්ට හිමිවන විශාල මුදලක් විහාරස්ථානවලට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවන බව පවසමින් මුදල් ගැරූ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.
පේරාදෙණියේ පදිංචි මේ කාන්තාව විහාරස්ථානවලට ගොස් තම බූදල් නඩුවට නීතීඥ ගාස්තු ගෙවීමට බව කියමින් රුපියල් 7000-1000 වැනි මුදලක් ලබාගෙන ඇතැයි පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ඇය අත්අඩංගුවට ගනු ලැබීය. වාහනයක් කුලියට ගෙන දානපති කාන්තාවක ලෙස පෙනී සිටිමින් විහාරස්ථානවලට යන මේ කාන්තාවගේ බූදලයෙන් විහාරස්ථානයට ලැබෙන්නට යන මුදල ගැන සිතා හිමිවරුන් ඇයට මුදල් දී ඇතැයි ද පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ මේ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කරණ බවයි.


